3
පැහැරගෙන යාමේ සිද්ධියක් "දැන් මං මොකක්ද කරන්නේ?" “ඔබ යා යුතුයි” හෝම්ස් කීවේ
තීරණාත්මක හඬෙනි. “නමුත් තනිවම නෙමෙයි. ඔබ ඒ නිවසට ඇතුළු වෙන්න කලින් ලෙස්ට්‍රෙඩ්ගේ
භටයන් ගිහින් නිවස වට කළ යුතුයි. නොසැලකිලිමත් ලෙස කටයුතු නොකරන්න ඔවුන් ප්‍රවේසම්
මෙන්න ඔන. ඔබ හමුවෙන පුද්ගලයා කවුරු වුණත්, ආරක්ෂා සහිතව ඔහු අත්අඩංගුවට ගන්න
පොලීසියට හැකි නම් එහෙම කිරීමේ වරදක් නැහැ. එහෙම කරන්න පුළුවන් කමක් නෑ කියල හිතමු,
එහෙම නම් ඔබට කරන්න තියෙන්නේ මුණ ගැහෙන පුද්ගලයා අතට ලියවිල්ල දී ආපසු හැරී එන
එකයි. නමුත් මේ වෙලාවේ ඔබ සහ වොට්සන් කොතැනකද "ඔබේ පුත්‍රයා හිරකරගෙන ඉන්න
පුද්ගලයාගෙන්, අපි පුතාව නිදහස් කරගනිමින්” හෝම්ස් කීය. “කාලය නාස්ති කරන්න එපා.
වහාම පිටත්වෙන්න. ඔබ පමා වුණොත් ඔවුන් සැක හිතන්න පුළුවනි. ඔවුන්ගේ නියෝගයට ඔබ
කීකරු වෙනවාද කියලා ඔවුන් හොඳ සෝදිසියෙන් බලාගෙන ඇත්තෙ ඉක්මන් කරලා යන්න. ඉස්සරහ
තැනක ලෙස්ට්‍රේඩ්ගේ මිනිස්සු ඉඳිවි. ඔවුන් එක්ක කතා කරන්න ප්‍රමාද වෙන්න එපා. ඒ
දිහා බලන්නවත් එපා. ඔබට කරන්න තියෙන්නේ කෙළින් බලාගෙන ඉදිරියට යෑම. කාටවත් නොපෙනෙන
නොදැනෙන විදියට ඔවුන් පිටුපසින් ඒවි" ගිත ධෛර්ය කරගත් පර්සි දොරෙන් පිටවී අභීතව
ඉදිරියට ගියේය. ඇනී අප දෙස බැලුවාය. අප මුහුණ දී තිබූ අවස්ථාවේ බැරෑරුම් තත්ත්වයත්
ඊට මුහුණ දිය යුතු ආකාරයත් හෝම්ස් තේරුම් කළේය. “මං දන්නවා. මේ වෙලාවේ ඔබට උවමනා
කරන්නේ අපිත් එක්ක ඇවිත්, ඔබේ පුතාව ඔබේ භාරයට ගන්න. මං කරන්න සීතාගෙන සිටියේ අපි
දරුවා රැගෙන ආපසු එනතුරු ඔබට ගෙදර ම රැඳී ඉන්න කියන්නයි. එහෙම කියන එකෙන් වැඩක්
වෙන්නේ නැති බව දැන් මට තේරෙනවා. ෆෙල්ප්ස් මහත්මිය. ඔබ ආවට කමක් නෑ. නමුත් මං දෙන
සෑම නියෝගයකටම ඔබ ප්‍රශ්න නොඅසා කීකරු විය යුතුයි, ඒක ඉතාම වැදගත්, ඔබ කලබල වෙලා
හිතුමතේට යමක් කරන්න 18/121 35 55%බන්න අපට පුළුවන් කමක් නෑ. දරුවාගේ දෙමව්පියන්ගේ
නිවස ගැන අපරාධකාරයා ඉන්නෙ සෝදිසියෙන්. මං එහෙම නිගමනයකට එන්නෙ මට ලැබී තිබෙන
සාක්ෂිවලට අනුව. නැහැ ලෙස්ට්‍රේඩ්, වාහන එපා. අපි ඇඳිරි වැටිලා පැයකට පස්සේ පයින්ම
එතැනට යනවා. ඒ කියන්නෙ මායි වොට්සනුයි. ඔබට පුළුවනි පොලිස් භටයන් රැගෙන කුලී රිය
දෙකකින් ඒ හරියට යන්න, දෙමව්පියන්ගේ ගෙදර පිහිටි තැනට කලින් වංගුවේදී අපි හමුවෙමු"
ලෙස්ට්‍රේඩ් සහ ඔහුගේ භටයන්ට බලා සිටීමට ඉඩ හැර අපි පැයකින් පිටත්වූයෙමු. පර්සි
ෆෙල්ස්ගේ නිවසේ පිටුපස දොරටුවෙන් අපි එහි ඇතුළු වූයෙමු. පර්සි සහ ඇති අප එනතුරු බලා
සිටියහ. අතක් එසවූ හෝම්ස් නිශ්ශබ්දව සිටින මෙන් ඔවුනට සංඥා කොට ඔවුන් ඇමතුවේය. “අපට
තියෙන්නෙ තවත් ටික වෙලාවයි. හැන්දෑවෙ පුවත්පත් නිකුත් වුණේ මීට පැයකට කලින්, මං
ඉන්නේ කොයි මොහොතෙ හරි පිළිතුරක් ලැබේවි කියන බලාපොරොත්තුවෙන්, එහෙම වුණත් ජෝසෆ්
තමන් හැංගිලා ඉන්න තැනින් ඔළුව එළියට දමාවි කියල මං හිතන්නෙ නෑ. පොලීසිය හැංගිලා
බලාගෙන ඉදිවි කියන සැකය ඔහුගේ හිතේ ඇති.” මගේ මිත්‍රයාගේ එම වචන ක්‍රියා කළේ
සංඥාවක් විලසිනි. කිසිවෙක් මෘදු හඬින් ඉදිරිපස දොරට තට්ටු කළේය, හෝම්ස් සහ මම
සැඟවුණෙමු, ඇනි ඉදිරි දොර වෙත ගොස් එය විවෘත කළාය. අවුරුදු අටක හෝ නවයක පිරිමි
ළමයෙකු එතැන සිටි බැව් අඳුරේ සිටි අපි දුටුවෙමු. ලියුම් කැබැල්ලක් ඇනී අතට දුන් ඔහු
වහා එතැනින් ඉවත්ව අදුරේ නොපෙනී ගියේය. පර්සි දොර වසා දැමූ පසු එතැනට ගිය හෝම්ස්
ඇනීගේ අතේ තිබූ ලිපිය ගත්තේය. එය කෙටි ලිපියක් විය. කලින් සඳහන් කළ ලියකියවිලි
රැගෙන පර්සි එක්තරා ස්ථානයකට පැමිණිය යුතු බැව් එහි සඳහන් විය. පර්සි පැමිණෙන තුරු
බලා සිටින්නා අතට එම ලියවිලි පත්කළ යුතු බවද එහි ලියා තිබිණ. මේ ලිපිය ලියන්නාට
යම්කිසි වංචාවක් කිරීමට පර්සි උත්සාහ කළහොත් ඔහුගේ පුත්‍රයාට එයට දඬුවම් විඳීමට
සිදුවන බවද එහි පැවසිණ. සුදුමැලිව සිටි මගේ පාසල් මිතුරා හෝම්ස් දෙසට හැරුණේය.ඕලන්ද
නෞකාව සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා උත්සාහ කිරීම හරිම භයානකයි. එහෙම කළොත් ඔබ
අවදානමට ලක් කරන්නෙ නයිජල්ගෙ ජීවිතේ. ඒ කාරණා ඔබට තේරුම් ගන්න පුළුවන්ද?" ඇනී හිස
නමා ඊට එකගත්වය පළ කළාය. නමුත් ඇගේ සුදුමැලි මුහුණේ තිබූ දෙනෙත්වල දැල්වුණු
ගිනිජාලාව මම දුටුවෙමි. ඒ ඇගේ සොහොයුරා වූ ජෝසෆ් කෙරෙහි වෛරයෙන් හා ද්වේශයෙන් ඇවිළී
තිබූ ගිනිජාලාවය. කෙසේ වෙතත් ඇය අප සමග නිහඬවම පා නැගුවාය. ඒ හෝම්ස්ගේ නියෝගවලට
යටහත්ව කීකරු වෙමිනි. අපට බොහෝ දුරක් මෙලෙස යාමට සිදු නොවීය. කලින් සාකච්ඡා කරගෙන
තිබූ අයුරෙන් ලෙස්ට්‍රෙඩ් සහ ඔහුගේ භටයෝ පස් දෙනෙක් අප සමග එකතු වූහ. පර්සි එතැන
පසු කර යද්දී අනෙක් භටයන් ඔහු පසුපස ගොස් තිබිණ. “මීළඟට අපි යන්නෙ කොහේටද?"
ලෙස්ට්‍රේඩ් මගේ මිත්‍රයාගෙන් විමසුවේය. හෝම්ස්ගේ දෙනෙතේ දැල්වුණු දීප්තියක ලකුණු
මම දුටුවෙමි. “ හුඟක් ඈතකට නෙමෙයි' ඔහු කීය. "නමුත් එතැනට අපට යන්න සිදුවෙලා
තියෙන්නේ වට රවුමක් ගහලා ඔහු නිහඬව ෆෙල්ස්ගේ නිවස පිටුපසින් අප කැඳවාගෙන ගියේය. කඳු
බෑවුමට තැනූ පියගැට පෙළක් එහි විය. එහි ඉහළට නැග මීළඟට විදියට පිවිස එය දිගේ
ඉදිරියට ගියෙමු. ඉන්පසු අපට විට මාවතකින් යාමට සිදුවූයේ ගංඉවුරේ පහළටය. එය අවසන්
වූයේ තේම්ස් ගංගාවේ ජලය වේගයෙන් ගලා ගිය තැනක පිහිටි පෞද්ගලික බෝට්ටු තොටුපොළකිනි.
මෙහි ජැටිය අඩක් ජලයෙන් වැසී තිබූ අතර, එහි බෝට්ටුවක් නවත්වා තිබිණි. එය අයිතිකරුවා
නිහඬ පුද්ගලයකු බැව් මට පෙනිණ. ඔහු විවිධ අවස්ථාවලදී හෝම්ස්ට සහාය වූ විශ්වාස
කටයුතු පුද්ගලයෙකු බැව් මම හඳුනාගතිමි. ඔහුගේ සහායට සිටි අනෙක් අයද එවැන්නත් බැව්
සිතාගැනීමට හැකි විය. අපි බෝට්ටුවට නැගී ගඟ පහළට ගමන් කළෙමු. එය යාත්‍රා කළේ
ගංඉවුරට ඉතාම සමීපයෙනි. මඳ දුරක් ගිය පසු බෝට්ටුවේ ගමන නවත්වන ලදී. එය දිය පාරේ
පහළට ගසාගෙන යාම වළක්වන ලද්දේ ගංඉවුරට විසිකළ කඹයක ආධාරයෙනි. 36ගඟේ ජලය වේගයෙන් බැස
ගියේය. බෝට්ටුව එහි ගසාගෙන යාම වළක්වා ගන්නා ලද්දේ බෝට්ටුකරුවන් එයට දැක්වූ දක්ෂ
තාවය නිසාය. අප සිටි තැනට මඳක් ඉදිරියෙන් ගංඉවුරේ ඉඳිකොට තිබූ නිවසක කොටසක් අඩ
අඳුරේ අපට දකින්නට ලැබිණි. ලෑලි වලින් ශක්තිමත්ව ඉදිකර තිබූ නිවසේ පිටුපස කොටස, ගඟේ
ජල පහරට මඳක් ඉහළින් එළියට නෙරා තිබිණි. මෙය ගඟේ සුන්දරත්වය නැරඹීමට යොදා ගත් තැනක්
ද, නැතිනම් සොර බඩු ප්‍රවාහණය පහසු කර ගැනීමට යොදාගත් තැනක්දැයි මට සිතා ගැනීමට
අපහසු විය. කෙසේ වෙතත් ලෑලි වලින් තැනූ මෙම නිවසේ උඩුමහලෙන් එළියට, සඳලුතලයක් තිබූ
බවද එයින් පහළට කඹයක් දමා තිබූ බව ද, සඳ එළියෙන් මට දැකගත හැකි විය. අප ගමන්ගත්
බෝට්ටුවේ සිටි කෙට්ටු සහායක කොලුවෙක් දියට බැස මද දුරක් ඉදිරියට පිහිනා ගියේය.
අනතුරුව ඔහු පහළට දමා තිබූ කඹයේ කෙළවර අල්ලාගෙන එය දිගේ ඉහළට නැඟුණේය. එමගින්
ගංඉවුරේ ඉහළට ගිය ඔහු ඉන්පසු නිවසට ඇතුළු වී නිවසේ උඩුමහලේ ජනේලයක පියන විවෘත කර
ගත්තේය. අනතුරුව ආපසු පැමිණි සියල්ල ආරක්ෂා සහිත බවත් අපට එහි පැමිණිය හැකි බවටත්
සංඥා කළේය. අපගේ පහසුව සඳහා ඔහු ගැට සහිත ගනකම් කඹයක්ද පහළට දැම්මේය. එහි ආධාරය ද
ලබාගෙන මුලින්ම ඉහළට නැගුණේ හෝස්ය. එම දුෂ්කර කටයුත්ත නිම කළ ඔහු ජනේලයෙන් එබී බලා
ශබ්ද නොනඟා පැමිණෙන මෙන් අපට ද සංඥා කළේය. තරමක වේලාවක් ගතවුවත් ඇනී හැර අපි සියලුම
දෙනාම කඹයේ එල්ලී එතැනට ළඟාවූයෙමු. කඹයේ එල්ලී ඉහළට නැඟීම ඇනීට කළ නොහැකි දුෂ්කර
කටයුත්තක් බව අපි තේරුම් ගත්තෙමු. එබැවින් ඇය කඹයේ එල්ලී සිටියදී හෝම්ස් ඇය ඉහළට
ඇද්දේය. හෝම්ස් ඉදිරියට ගොස් දොරක් යන්තමින් විවෘත කොට තෙත් යොමු කළේය. යළිත් වරක්
ඔහු සංඥා කළෙන් අපි නිහඬව ඔහු පසුපස ගියෙමු. අප ඉතාම අපිරිසිදු මෙන්ම අඳුරු
කොරිඩෝවක ගමින් කළේ නිවසේ ඉදිරිපස තිබූ ලොකු කාමරයක් තුළටයි. එහි අපවිත්‍රව තිබූ
ජනෙල් වීදුරුව වෙත ළං වූ හෝම්ස් ඇඟිල්ල දිගු කර පෙන්වීය. එතැනින් එළිය බැලූ
ලෙස්ට්‍රේඩ් හුස්මක් ඉහළට ඇදගත් ආකාරය මට ඇසිණ. මම ද එතැනට ළං වී ජනෙල් වීදුරුවෙන්
ඕලන්ද නෞකාව සහ තවත් රේසක් හෝම්ස් කථා නෙත් යොමු කළෙමි. පර්සි ෆෙල්ස්ගේ නිවසේ
උද්‍යානය සහ ඉදිරි දොර එතැනට පැහැදිලිවම් දැකගත හැකි විය. “මං බොහොම පරෙස්සම් වුණේ
ඇයි කියල දැන් ඔබට තේරෙනව ඇති" හෝම්ස් කීවේ කෙදිරිලි හඬෙනි. එහෙත් වටපිට බලමින්
සිටීමට කාලයක් නොවීය. ශබ්දයක් නොනැගෙන සේ පියවර තබමින් හෝම්ස් පියගැට පෙළේ පහළට
බැස්සේ අප සැමට ඉදිරියෙනි. මීළඟට ලෙස්ට්‍රේඩ් ද ඊට පිටුපසින් මා ද පහළට බැස්සේ
අමෝරා ගත් රිවෝල්වර අතැතිවය. පියගැට පෙළ සිමෙන්තියෙන් ඉදිකළ එකක් නිසා අපේ පියවර
වලින් එතරම් ශබ්දයක් නොනැඟිණ. ලෙස්ට්‍රේඩ්ගේ පොලිස් භටයෝ ද අප පිටුපස පැමිණියහ.
නෝම්ස්ගේ රහසිගත ආක්‍රමණය පහසුවෙන්ම ඉතා සාර්ථක ලෙස කෙළවර වීමට ඉඩ තිබිණි. නමුත්
අවාසනාවන්ත ලෙස සිදුවූයේ කුමක්ද? පහළට බසිමින් සිටි පොලිස් භටයෙක් අන්ධකාරයේ තම
පියවර වැරදී ඉදිරියට ඇද වැටුණේය. ශබ්දයක් නැඟුණේ ඔහු තරප්පුවෙන් තරප්පුව පහළට රෝල්
වෙමින් ගිය හඬෙන් පමණක් නොවේ; නොනවත්වාම ඔහුගේ මුවෙන් නිකුත් වූ ශාප කිරීම් වල
ශබ්දයේ ද අඩුවක් නොවීය. “වහාම පැනල ඔහුව අල්ලා ගන්න.” හෝම්ස්ට කෑගැසිණි. "ඔය එළියක්
තිබෙන කාමරය' හෝම්ස් “ඔහු” යනුවෙන් හැඳින්වූයේ පොලිස් භටයා නොව ජෝසෆ් බව අමුතුවෙන්
කීමට අවශ්‍ය නොවීය. නිවසේ පිටුපසින් ගඟ දෙසට නෙරා ගොස් තිබූ කොටසේ එළියක් දැල්වුණු
කාමරයකි. අපි එහි දොර දෙසට පැන්නෙමු. ගඟේ ජලය කැළතෙමින් බැසගිය හඬ අපට කාමරය තුළින්
ඇසුණේ උච්ඡ ස්වරයකිනි. මෙහි පොළොවේ ලෑලි සවිකර තිබුණේ ගඟේ ජල මට්ටමට මඳක් ඉහළින් බව
වටහා ගැනීම අපහසු වූයේ නැත. කාමරයේ මද ආලෝකය තුළින් නිකුත් වූයේ යක්ෂාවේශ වූවෙකුගේ
වියරු සිනාවකි. ඒ ජෝසෆ් හැරිසන්ගේ මුවෙන් නිකුත් වූ පිළිකුල් සහගත සිනාවය. ඖෂධ
වලින් මත් කරනු ලැබූ දරුවා ඇඳේ නිදා සිටි අයුරුත්, ජෝසෆ් එක් ක්ෂණයකින් දරුවා
ග්‍රහණය කරගෙන තමා වෙතට ඇදගත් හැටිත්, අපි භීතියෙන් බලා සිටියෙමු. ඔහු දරුවා අල්ලා
ගත්තේ දෙපා පහළට සිටින අයුරෙනි. අනතුරුව කාමරයේ ලෑලි පොළොවේ තිබූ දොරටුවක් එහි
අගුළෙන් පන්නා විවෘත කිරීමට ඔහුට ගතවූයේ එක් මොහොතකි. එක් පැත්තක් අඩි හතරක් පමණ වූ
මේ හකරැස් විවරයට ඉහළින් දරුවා අල්ලාගෙන ඔහු පෑවේ වියරු සිතාවකි. “මං හැමවිටම
ක්‍රීඩාවේ අවසානය දක්වාම තුරුම්පුවක් අතේ ඉතිරි කරගන්නා බව හෝම්ස් මහත්තයා දන්නවා"
ජෝසෆ් කීය. "මේක කේම්ස් ගඟ දිගේ රට තුළට හොර බඩු ගෙන ආ හොර දෙටුවෙකුගේ අගයක්, මෙන්න
මේ දොර නිසාමයි මේ ගේ පාවිච්චියට ගන්න මං තීරණය කළේ. ඔහේලට උවමනා නම් අපට වෙඩි
තියන්න, වෙඩි පාර මට වැදුණත් දරුවට වැදුණත් අපි දෙන්නා ගඟට වැටෙන්නේ එකටමයි. අපි
දෙන්නගෙ මිනී හොයාගන්න එක ඔහේලට ලේසි වැඩක් වෙන්නෙ නෑ. මේ හරියට කිට්ටු වුණොත් මං
ළමයාව ගැඟට අසා අරිනවා. ඒකට කැමතිද?” එවේලේ අපට ගැනීමට තිබුණේ කුමන පියවරක් ද යන්න
දැන් මට කීමට නොහැක. එක්කෝ ඔහුගේ ඉල්ලීමට ඉඩදී ඔහුට පැන යාමට ඉඩ දෙනවාද? එසේත්
නැතිනම් ඔහු දරුවා ගඟට දැමීමට පෙර දරුවාට වෙඩි වැදීමේ අවදානම නොසලකා ඔහුට වෙඩි
තබනවාද? එහෙත් අප එවැනි කිසිදු උත්සාහයක් කිරීමට පෙර වෙනත් බලවේගයක් ක්‍රියාත්මක
විය. ඇති අප අතරින් රිංගා විදුලි වේගයෙන් එතැනට පැන්නේ එක් ක්ෂණයකිනි. දැඩිව
කෝපාවිෂ්ඨව සිටි ඇය වඩාත් ළංව සිටියේ වියරු ස්වභාවයට යයි මම සිතමි. කුරිරු ශාපයක්
මුවිත් පිටකළ ජෝසෆ් හැරිසන් දරුවා ගඟට මුදා හරිද්දීම, ඇනී එතැනට පෑන්නේ ගොදුරක් වෙත
කඩා පනිත ව්‍යාඝ්‍ර ධේනුවක පරිද්දෙනි. එක් අතකින් තම දරුවා දැඩිව ග්‍රහණය කරගත් ඇය,
සම්පූර්ණ ශක්තිය යොදා, එතැන මරු කපොල්ලට ජෝසෆ් ඇද දැම්මාය. සමබරතාවය රඳවා ගැනීමට
නොහැකි වූ ඔහු වේගයෙන් ගලාගිය ගඟේ සැඩපහරට ඇද වැටුණේ මර ළතෝනියක් නගමිනි. ඇති ආපසු
නිවස වෙත ආවේ ජයග්‍රාහී ලීලාවෙනි. ඇයට අහිමිඩ සිටි ඇගේ ආදරණීය පුත්‍රයා නයිජල් මවගේ
ඇකයේ උණුසුමට තුරුළු වී සිටියේය. පර්සි ෆෙල්ප්ස් ආපසු පැමිණියේ ලෙස්ට්‍රේඩ්ගේ
භටයන්ට පුර්ගන් හිම්ලර් නම් ජර්මන් රහස් ඔත්තුකරුවෙකු අසුවූ වුන්ද නෞකාව සහ තවත්
#සක් හරීම්ස් කථා බව පවසමිනි. තම සිරකරුද රැගෙන ලෙස්ට්‍රේඩ් ස්කොට්ලන්ඩ්යාඩ් වෙත
යද්දී අපි ආපසු බේකර් වීදියට පැමිණියෙමු. “ජෝසෆ් හැරිසන් හැංගිලා හිටියෙ කොහේද කියන
එක ඔබ කොහොමද හෝම්ස් දැනගත්තෙ?" මා විමසුවේ අප ආපසු එමින් සිටියදීය. “ඒ ගැන මට
හෝඩුවාවන් කීපයක්ම හොයා ගන්න හැකිවුණා වොට්සන්, ජෝසෆ් මොකක් හරි කාර වැඩක් දඩබ්බර
වැඩක් කළාම, එහි සාර්ථකත්වය දැකගන්න ඒ ළඟටම වී සිටීම ඔහුගේ සිරිතක් බව, ඇති ඇයගේ
වාර්තාවේ ලියා තිබුණා, අවුරුදු හතරකට කලින් ෆෙල්ස්ගේ කාර්යාලයෙන් සොරකම් කළ
ලියවිල්ල ජෝසෆ් සැඟවා තිබූ තැනෙන්ම ඒ කරුණ ඔප්පු වෙනවා නේ. යම්කිසි කුරිරු කටයුත්තක
යෙදෙන ගමන් එය හොඳින් නිරීක්ෂණය කිරීම ඔහුට තිබුණු මානසික විකෘතියේ එක් පැත්තක්. ඒ
නිසා ඔහුගේ තර්ජනයට ලක්වෙන පුද්ගලයන් ඔහුට හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් තැනක
ජෝසෆ් ඇති කියලා මං විශ්වාස කළා. කොහොම වුණත් ඇමරිකාවේ ගත කළ කාලයේදී ඔහු වඩාත්
පරෙස්සම් සහිත පුද්ගලයෙකු බවට පත්වී තිබුණා, දරුවාත් හංගාගෙන රැදී ඉන්න එවැනි තැනක්
හොයාගන්න ඔහුට කොහොමද හැකිවුණේ? කිසිම හෝඩුවාවක් ඉතිරි නොකර ඔහු ඒ දේ කර තිබුණා.
ඔබට හමුවී තිබුණු පුවත්පත් වාර්තාව තමයි මාව ඒ දිශාවට යොමු කළේ. ඔහු අර ගෙවල්කුලී
එකතු කළ මිනිහගෙන් කුලී නිවැසියන්ගේ වංහුං තොරතුරු අඩංගු පොත හොරකම් කරගත්ත නේ.
කුලී ගෙවපු අයගේ නම් ලැයිස්තුවත් එක්ක ගැළපුවාම හිස්ව තිබෙන ගෙවල් මොනවාද කියා
සොයාගැනීම පහසු කටයුත්තක්. එයින් එකක් කඩා විවෘත කරගෙන දරුවා එහි රඳවා ගැනීම දුෂ්කර
වැඩක් වුණේ නෑ. ඒ සමගම තමන් වෛර කළ තමන්ගේ සොහොයුරිය හඬා වැලපෙන හැටි කම්පා වෙන
හැටි බලාගෙන ඉඳලා සන්තෝස වෙන්නත් ඔහුට හැකියාව ලැබුණා. විහින්ස් ඇතුළු බේකර් වීදියේ
අවිධිමත් රහස් පරීක්ෂක කොලුවන්ගෙනුත් මට ලොකු උදව්වක් ලැබුණා. මං ඒ පැත්තේ ගැවසෙන්න
යන්නේ නැතුව මට හැකි වුණා, කුලියට ගත් අය ඉන්න ගෙවල් මොනවාද, අයිතිකරුවන්ටම හිමි
ගෙවල් මොනවාද කියන කරුණ හොයාගන්න. හිස්වෙලා තිබෙන්නෙ මොන අංගවල්ද කියන එක ළමයි මට
ඇවිත් කිව්වා. ෆෙස්ලගෙ ගෙදරට කෙළින්ම අනෙක් පැත්තේ ගෙය හිස්වී ඇති බවත් ඒකෙ පිටුපස
කොටස ගගට සමීප වෙන හැටියට ඉදිකර ඇති බවත් ඔවුන් කීවා. ඒක දැනගත්තාම ජෝසෆ් හැරිසන්
ඇත්තෙ කොහේද කියන එක තේරුම් ගැනීම මට අපහසු වුණේ නෑ. නමුත් ඔහුගේ ජීවිතය මේ විදියට
කෙළවර වේවි කියල නම් මට හිතුණෙ නෑ." "ඒක නම් මටත් හිතුණේ නෑ මම කීවෙමි. “ඒ වුණත් ඒක
හදිසියේ සිදුවුණු අනතුරක් නේද?" “මම නම් ඒක ඒ විදියට හිතන්නෙ නෑ වොට්සන්" හෝම්ස්
කීවේ අප අපේ නිවහනට ළංවෙද්දීය. "ලෝකයේ භයානක පුද්ගලයන් අතර ඉතාමත් භයානකම තැනැත්තා
තමයි. තමන්ගෙ දරුවා ආරක්ෂා කරන ගැහැනිය. මොන තර්ජනයකටවත් මොන අනතුරකටවත් ඇය භය
නැහැ. මැරුම් කන්න සිදුවුණත් අපායට යන්න වෙනවා වුණත් ඒවා නොසලකා ඇය උත්සාහ කරන්නේ
තමන්ගේ දරුවා බේරාගන්න. තමන්ගේ සහෝදරයා ජීවත්ව ඉන්න තුරු ඔහු තමන්ගේ දරුවාටත්
සැමියාටත් භයානක තර්ජනයක් වන බව ඇයට වැටහුණා. ඒ නිසයි ඇය ඒ විදියට කටයුතු කළේ”
ජෝසෆ් හැරිසන් සමග කටයුතු කළ විදේශීය රහස් ඔත්තුකරු පූර්ගන් හිමිලට දීර්ඝ
සිරදඬුවමක් නියම විය. දියේ ගිලුණු තැනට සැතපුම් දෙකක් පමණ ගඟ පහළ තැනක තිබී
හැරිසන්ගේ මළ සිරුර හමුවූයේ සතියකට පමණ පසුවය. එය ඔහුගේ බවට හඳුනාගැනීමට හැකි වූයේ
මළසිරුරේ තිබූ පච්ච කෙටීමක සලකුණකිනි. යාචකයන්ගේ මළසිරුරු භූමදාන කරන සොහොත් පිටියක
ඔහුගේ සිරුර භූමදාන කරන ලද්දේ පොළොව මතුපිට කිසිදු සලකුණක් නොතබමිනි.
Comments
Post a Comment